බොරු පතුරවමින් ජනතාව මුලා කිරීම පවක්

Jan 25, 2017 09.19am
feature-top
සතියෙන් සතිය බොරු වපුරවමින් රට අස්ථාවර කිරීම සහ ජනතාව මුලා කිරීම පාප කර්මයක් බවත් එට්කා ගිවිසුම, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය සහ හනුමා පාලම පිළිබඳ සතිපතා විපක්ෂය ඉදිරිපත් කළ බොරු දැන් හෙළි වී ඇති බවත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය. බැඳුම්කර වංචාව පිළිබඳ නිසි ක්‍රියාමාර්ග  ගැනීම මිස බොරු කියා ජනතාව මුලා කරන පහත් තත්ත්වයට දේශපාලනඥයන් පත් නොවිය යුතු බවත් බැඳුම්කර සිද්ධිය ගැන මෙන්ම අතීතයේ සිදු වූ සිද්ධීන් පිළිබඳ ද ක්‍රියා මාර්ග ගත යුතු බව ද පැවැසීය.

දේශපාලනඥයන් තීරණ ගත යුත්තේ පක්ෂ පාට ගැන සිතා නොව රට ගැන සිතා බවත් ජනතාව දේශපාලනඥයන් පත්කර එවන්නේ සොරකම් කිරීමට නොවන බවත් බැඳුම්කර සිද්ධිය ගැන විවාදයට එක් වෙමින් ඇමැතිවරයා කීය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »