ස්වාධීන වූ රතන හිමි ආණ්ඩු පක්ෂ අසුනේ

Jan 25, 2017 09.13am
feature-top
ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිය සුපුරුදු ආසනයේ අසුන් ගත්තේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විවාදය ඊයේ උදෑසන ආරම්භ කරන අවස්ථාවේ දී රතන හිමියෝ සිය අසුනේ අසුන් ගත් අතර, ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සමඟ කථාබහ කරන අයුරු දක්නට ලැබිණි.

පසුගිය දා ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූ පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය ඇමැති  ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ විපක්ෂයේ අසුන් ගත්තේය. පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කර සුළු මොහොතකින් ප්‍රියංකර ජයරත්න මහතා සබාගැබට විපක්ෂ දොරටුවෙන් ඇතුළු වී දෙවැනි පෙළ අසුනක අසුන් ගත්තේය.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »