බැඳුම්කර ගනුදෙනු පරීක්ෂණයට ජනපති කොමිසමක්

Jan 24, 2017 08.58am
feature-top
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳ නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරීක්ෂණ සිදු කර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු, මහාධිකරණ විනිසුරුවරයකු සහ විගණන කටයුතු පිළිබඳ විශේෂඥවරයකුගෙන් සමන්විත මේ ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන් සභාව පත්කිරීම පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් වීමට නියමිතය. එම කොමිසන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස තුනක් ඇතුළත සම්පූර්ණ කර අවසන් කළ යුතු වනු ඇත.

එම කොමිසන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ජනාධිපතිවරයා අදාළ සියලු අංශ වලින් ඉල්ලා සිටියි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »