ආර්ථික-දේශපාලන කරුණු ගැන ජනපති-අගමැති සාකච්ඡාවක

Jan 24, 2017 08.57am
feature-top
ස්ව්ට්සර්ලන්තයේ ඩවෝස් නුවර ආර්ථික සමුළුවට සහභාගි වීමෙන් පසු පෙරේදා මෙරටට පැමිණි සැනින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.

කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මේ හමුව සිදු විය. ස්විට්සර්ලන්තයේ සංචාරය පිළිබඳ මෙහිදි අගමැති වික්‍රමසිංහ මහතා ජනාධිපති සිරිසේන මහතා දැනුවත් කර ඇති අතර ඉදිරි ආර්ථික වැඩසටහන් සහ දේශපාලන කරුණු පිළිබඳ ජනාධිපතිරවරයා සහ අගමැතිවරයා අතර සාකච්ජා වී තිබේ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »