වකුගඩු සැකකරුවන්ට වීසා නැතිව නඩු

Jan 21, 2017 09.22am
feature-top
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කැර සිටි ඉන්දියානු ජාතිකයන් අට දෙනාට එරෙහිව වලංගු වීසා නැතිව ලංකාවේ රැඳී සිටීමේ චෝදනාව මත නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ ඊයේ (20) නඩු පැවරීය.

මෙම සැකකරුවන් වකුගඩු ‍ජාවාරමට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්කි ‍නැති බව රජයේ නීතිඥ චේතිය ගුණසේකර මහතා අධිකරණයට දැනුම් දුන්නේය. වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් ආගමික විගමික පනතේ 45 (1) වගන්තිය යටතේ නඩු පවරනු ලැබ තිබේ.

මීට අමතරව සිරගෙදරින් පලා යෑම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 219 වගන්ති ප්‍රකාරව ද ඔවුන්ට එරෙහිව නඩු පැවරණි සැකකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් විජිතගිරි ලක්ෂ්මන් කුමාර, නන්ද ක්‍රිෂෝර් හා උප්පන්දලි රාමචන්ද්‍ර යන අයට මෙහිදී වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා දණ්ඩ නීති සංග්‍රහයේ 192 (1) වගන්ති ප්‍රකාරව ක්‍රියා කරන ලෙසට ‍කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කෙරිණ. සිංහල භාෂාව සැකකරුවන් නොදන්නා බැවින් චෝදනා පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මේ මස 27වැනි දා තෙක් රක්ෂිත භාරයේ තැබීමට නියම කෙළේය. වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අටදෙනා 2016/3/4 දින වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන්පලක රැඳී සිටියදී විසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරද යටතේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණ.

එදින සිට ඊයේ (20) දක්වා ඔවුන් රක්ෂිත භාරයේ සිටි අතර මාස 10කට පසු සිදු කරන ලද විමර්ශනවලදී වකුගඩු ජාවාරමට ඔවුන් සම්බන්ධ බවට ප්‍රමාණවත සාක්කි නොමැති බවත් ව්‍යාජ නිල මුද්‍රාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන අතර සෙසු සැකකරුවන්ට ආගමික විගමික පනත යටතේ ක්‍රියාකරන බවට නීතිපති දෙපාර්තමේන්තු නියෝජනය කළ රජයේ නීතිඥ චේතිය ගුණසේකර මහතා පැවසීය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »