සැකකරුවන් 10 කට එක්කෝටි පනස් ලක්ෂයක ශරීර ඇප

Jan 17, 2017 09.37am
feature-top
පසුගිය 07 වන දින පැවති විරෝධතාවක් අතරතුර ඇති වු උණුසුම් තත්ත්වයත් සමඟ ඊට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.පසුව ඊයේ (16) නැවත සැකකරුවන් 34 දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසු සැකකරුවන් දස දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුන බැගින් සැකකරුවන් දස දෙනාට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ශරීර ඇප හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.

මෙලෙස ඇප නියම වුයේ මහානාම ගීගනගේ තාරක රෙෂාන්,කවිදු ලියනගම,ගොඩැල්ලවත්ත ආරච්චිගේ නිපුන දිල්ෂාන්,කවිරත්න ගමගේ ශානක රසංග කවිරත්න,අසංක විරාජ් කවිරත්න,බඹරැන්දගේ දසුන් සමීර,ජයවර්ධනආරච්චිගේ නිහාල් ලක්ෂිත,වත්තල නාරද හිමි,චතුෂ්ක නිර්මාල් ඉද්දමල්ගොඩ හා හේවා පන්තිලගේ තරිදු දිල්ෂාන් සැකකරුවන් දස දෙනාටය.

බන්ධනාගාර ගත කර සිට ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අනෙකුත් සැකකරුවන් 24 දෙනා මේ මස 30 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණවලට අනුව තවත් සැකකරුවන් 05 දෙනෙකුද පෙරේදා (15) අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් 05 දෙනාද මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »