php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

මම එක්නැලිගොඩ නඩුවේදී අසත්‍ය ප්‍රකාශයක් දුන්නා - සිංහල නිවුස් - Sinhala News Tharunaya.us

මම එක්නැලිගොඩ නඩුවේදී අසත්‍ය ප්‍රකාශයක් දුන්නා

Sep 30, 2020 10.48am
feature-top
විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් ජේ. එම්. රණ්බන්ඩා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවේ තමා අසත්‍ය ප්‍රකාශයක් ලබාදුන් බව ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තුන්වන සාක්කිකරු වූ විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් ජේ. එම් රණ්බන්ඩා නමැත්තා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (29) පැවසීය.

යුද හමුදා සැරයන් මේජර් ජේ එම් රණ්බන්ඩා මහතා නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබාදෙමින් ඒ බව පැවැසීය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් තමා රහස් පොලිසියේ තුන් මසක් රඳවා සිටීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් එහිදී තමා අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවත් රණ්ඩන්ඩා මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

අසත්‍ය ප්‍රකාශ අධිකරණය හමුවේ ලබාදීමෙන් දඬුවම් හිමිවන බව තමා හොඳින් දන්නා බවද සාක්කිකරු පවසා සිටියේය.

අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් තමා නිදහස් කළ බව පවසා සිටි සාක්කිකරු එදින එම ප්‍රකාශ ලබාදීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හා උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක යන මහත්වරුන් මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන ගිය බවයි.

විමර්ශන අවස්ථාවේ දී ප්‍රකාශ කිහිපයක් ලබාදී ඇති මෙම සාක්කිකරු පැමිණිල්ල ට ඉතා වැදගත් සාක්කිකරුවෙක් බව මෙහිදී පවසා සිටි නීතිපතිවරයා වෙනුවෙන් නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා සාක්කිකරු කිසිවකුගේ මෙහෙයවීම මත සාක්කි ලබාදෙන ආකාරයක් දක්නට ලැබෙන බව පැවැසීය.

සාක්කිකරුට බාහිර බලපෑමකින් තොරව වැඩිදුරටත් සාක්කි ලබාදීම සඳහා ඔහු සාක්කි ලබාදෙන කාලය අවසන් වන තෙක් බාහිර බලපෑමක් ඇති නොවන ස්ථානයක රඳවා තබන ලෙසට විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »