php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ආණ්ඩුව දිනා ඇති කීර්තිනාමයට හානි කර නොගෙන 20 ගෙන ආ යුතුයි - සිංහල නිවුස් - Sinhala News Tharunaya.us

ආණ්ඩුව දිනා ඇති කීර්තිනාමයට හානි කර නොගෙන 20 ගෙන ආ යුතුයි

Sep 30, 2020 10.46am
feature-top
කොරෝනා මර්දනය සහ මත්කුඩු මැඬලීම සම්බන්ධයෙන් ආණ්ඩුව දිනාගෙන තිබෙන කීර්තිනාමයට හානි කර නොගෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසී ය.

නාරහේන්පිට ජානකී හෝටලයේදී ඊයේ (29) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු කතානායකවරයා මෙම අදහස් පළ කෙළේ ය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට විරුද්ධව කරුණු ගණනාවක් පවතින බවත් පැවැසූ හිටපු කතානායකවරයා විගණන කොමිසම අහෝසි කිරීම , ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම , පොලිස් කොමිසම බලතල අඩු කිරීම , ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට ඇති ඉඩකඩ අහිමි වී යෑම , අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල වීම ආදී කරුණු රැසක් පවතින බවත් පෙන්වා දුන්නේ ය.

රට යුක්තිගරුකව හා නීතිගරුකව පවත්වා ගැනීමට , රට තුළ සාධාරණ සමාජයක් පිහිටුවීමට කටයුතු කිරීම සාධාරණ සමාජායක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් බහුතර ජනතාවගේ ඉල්ලීම හරිආකාරව තේරුම් ගනිමින් මහජනයාට පොරොන්දු වූ ව්‍යවස්ථාව රටට ගැළපෙන ආකාරයට ගෙන ඒමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේ ය.

රටට යහපත් ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් කීවේ ය. ඒ සඳහා ධවල පත්‍රිකා ගෙන ඒම සුදුසු බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »