ජුනි මාසයට පන්දහසේ දීමනාව නෑ

May 22, 2020 09.06am
feature-top
කොරෝනා වෛරසය හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති හෙයින් එම දීමනාව එළැඹෙන මාසයේ නොගෙවීමට රජය තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත එවා තිබූ ලිපිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මැතිවරණ නීති රීතිවලට ගරුකරමින් එම දීමනාව ලබන මාසය සඳහා ගෙවීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති, සම කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය අනුව හැඟී යන්නේ, ලබන මාසයේ මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාවේ සුදානමක් ඇති බවත් එසේ ඉදිරිපත් කරනු ලබන ප්‍රථම අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කිසිඳු අපහසුතාවයක් නොවන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »