කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහලට

May 14, 2020 08.47am
feature-top
ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 524 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, 382 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »