සයුරට විරාමයක් දී කොරෝනා මඬින්න ගොඩබිමට ආ නාවික සෙබළු දෙස වැරදි ඇසින් නොබලන්න

Apr 27, 2020 09.03am
feature-top
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කරන නාවික හමුදා සෙබළුන් පිළිබද වැරදි ආකල්පයකින් නොබලන්නැයි වැඩබලන මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නිසි සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන රීති ආරක්‍ෂා නොකළ පිරිසක් හේතුවෙන් මෙම නාවික හමුදා සෙබළුන් කොරෝනා වෛරසයට ගොදුරු වූ බවත් වැලිසර නාවික හමුදා සෙබළුන් ද රටේ ජනතාව වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදුකළ බවත් හෙතෙම කීවේය.

නව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි රෝහල්, රාජ්‍ය ආයතන, පොදු ස්ථාන මෙන්ම මාධ්‍ය ආයතනද මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් විෂබීජහරණයට ලක්කෙරුණේ මෙරට නාවික හමුදා සෙබළුන් අතින් බව පැවැසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රෝහල් කිහිපයක ඉදිකෙරුණු නව ඉදිකිරීම් වෙනුවෙන් ද නාවික හමුදාව සිය ශ්‍රමදායකත්වය ලබාදුන් බව පැවසීය.

නිරෝධායන ක්‍රියාවලියට ද නාවික හමුදාව ලබාදෙන්නේ දැවැන්ත ශක්තියක්. ඉකුත් අප්‍රේල් මාසයේදී ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග අවස්ථා කිහිපයකදී එම ප‍්‍රදේශයේ පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදාව පියවර ගත්තා. එම අවස්ථාවේදී රාජකාරියේ නිරත වූ නාවික හමුදාවේ සෙබළුන්ට අදාළ පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර පසුව එය සෙබළුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් කරා ව්‍යාප්ත තිබිණි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »