කොරෝනා පාලනය වුණේ ජනපති ගත් තීන්දු නිසයි

Apr 25, 2020 09.20am
feature-top
කිසිම රටක මෙසේ නිරෝධායනය කරන්නේ නෑ

කොළඹ පුරපතිනී රෝසි සේනානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීන්දු මත අද වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි වීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය. මේ ආකාරයේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන ලද ලෝකයේ එකම රට ශ්‍රී ලංකා බවත් ජනාධිපතිවරයාගේ දුරදක්නා තීන්දු නිසා කොළඹ නගරයේ ජනතාවට ඉතා පහසුවක් වී ඇති බවත් ඇය පවසුවාය.

කොළඹ නගරයේ බොහෝ ස්ථාන වසා දමමින් එම දරු පවුල් පවා බලා ගැනීමට රජය කටයුතු කර ඇති කී ඒ මහත්මිය ඒ සම්බන්ධයෙන් තමන්ගේ පූර්ණ කෘතවේදීත්වය ආණ්ඩුවට පළ කරන බවද කියා සිටියාය. ඇය මේ බව සඳහන් කළේ කොළඹ නගර සභාවේ දී පැවැති මාධ්‍ය හමුවකදීය

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »