කොරෝනා ආසාධිතයන් 184,614ක් මරුට

Apr 24, 2020 09.16am
feature-top
ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් පුද්ගලයින් 184,614 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම වෛරසය ආසාදනයවූවනගේ සංඛ්‍යාව 2,648,347 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පුද්ගලයින් 724,275 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.

වැඩිම රෝගීන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 849,092ක් බවද එරට මියගිය සංඛ්‍යාව 47,681 දක්වා ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වෙයි. අමෙරිකා එක්සත් ජනපදයෙන් පසුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එය 208,389 ක් වෙයි. එරට මියගිය සංඛ්‍යාව 21,717 ක් වෙයි.

ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 25,085 කි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 18,100 ක් බවද විදෙස් වාර්තා ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 133,495 ක් වන අතර චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය, අද වනවිට ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින් අතිධාවනකාරී වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතී. එහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ, යුරෝපා කලාපයට සහ උතුරු අමෙරිකානු මහද්වීපය වෙතයි.

ඉතාලියේ මියගිය සංඛ්‍යාව 25,085 ක් වන අතර ප්‍රංශයේ මියගිය ගණන 21,340 කි. එක්සත් රාජධානියේ මියගිය ගණන 18,100, ඉරානයේ 5391, බෙල්ජියමේ 6490, ජර්මනියේ 5315, චීනයේ 4632, නෙදර්ලන්තයේ 4054, බ්‍රසීලයේ 2924, තුර්කියේ 2376, ස්විට්සර්ලන්තයේ 1509, ස්වීඩනයේ 1937 සහ කැනඩාවේ 1974 මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 47,000 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක් වන අතර එම මරණ සංඛ්‍යාවෙන් අඩක්ම නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වාර්තාවීම ද විශේෂත්වයකි. එම ආසාදිතයන් අතරින් සුවය ලබා ඇත්තේ පුද්ගලයින් 84,050 දෙනෙකු පමණක් වන අතර එරට සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට දහයටත් අඩු සංඛ්‍යාවක් වෙයි. ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ නව මරණ 2,000 ට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර නව ආසාදිතයන් 25,660 ක් වාර්තා වී තිබේ.

කොවිඩ්-19 පරික්ෂණ වැඩිම සංඛ්‍යාවක් සිදුකර ඇති රටවන අමෙරිකාවේ අද වනවිට පරික්ෂණ තිස් අට ලක්ෂ හැට එක් දහස ඉක්ම වු සංඛ්‍යාවක් සිදුකර තිබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »