සාද දැමූ ලාංකිකයින් 11 දෙනෙකුට පොලිස් දඩ

Apr 23, 2020 10.45am
feature-top
කොරෝනා  වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා (ලොක්ඩවුන්) තිබියදී ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වූයේ යැයි චෝදනා යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය   එරට මුදලින් යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා වන පොලිස්  දඩ මුදල් නියම කර ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබ ඇත්තේ කලක් තිස්සේ එරට වාසය කනෙ ලාංකිකයින් පිරිසකට යැයද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මෙම ලාංකිකයින් 11 දෙනා ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී ෆිරෙන්සි නගරයේ ජනාකීර්ණ තට්ටු නිවාස සංකීර්ණය පිහිටි නිවසක් තුළදී මෙම සාදය පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අසල්වැසි නිවෙසියන් ඉතාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ හදිසි වැටලීමක් කර ඇත.

එහිදී ලාංකිකයින් 11 දෙනා සාදය පවත්වමින් සිටයදීම තට්ටු නිවාස සංකීර්ණයේ නිවස තුල කඩා වැදුනු ඉතාලි පොලීසිය විසින් ඔවුන් එකිනෙකාට අදාල වැරදි අනුව යූරෝ 400 (රුපියල් 80,000) සිට යූරෝ 3000 (රුපියල් ලක්ෂ හය) දක්වා වූ දඩ මුදල් පැනවූ  බව ද එම
තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ඉතාලියේ මේවන විට පවතින රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ නීතියට අනුව උපන්දින සාද ඇතුලුව සියලුම ආකාරයේ සාද පැවැත්වීම මෙවැනි අවස්ථාවක මියගිය අයට සහ සමස්ත ඉතාලියට කරන අවමානයක් ලෙස සැළකෙන අතර මෙලෙස මෙම පිරිස්ට එරෙහිව පොලීසියට පැමිණිලි කරන්නට අසල්වැසියන් කටයුතු කරන්නට ඇතැයිද පැවසේ.

සියලුම දඩ වල මුළු එකතුව එරට පොලීසිය  සඳහන් නොකරන ලද අතර එරට මාධ්‍ය වලින් එම දඩ මුදල සමස්තයක් වශයෙන් "සුපිරි දඩයක්" බව වාර්තා කර තිබූ බවද තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »