අද දිනයේ තද වැසි බලාපොරොත්තුවක්

Apr 18, 2020 09.27am
feature-top
දිවයිනේ බො‍හෝ ප්‍රදේශවල අද(18) සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු , ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද සදහන් වේ.
 
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 75 වැඩි තරමක් තද වැසි ඇති වේ.
 
ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ඇති විය හැකිය.
 
සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »