මීග­මුව කලපු සිද්දිය පිළිබදව ස්වාධී­නව වැඩ­ක­රන්න නිල­ධා­රීන්ට පුළු­වන්

Feb 13, 2020 09.42am
feature-top
සහ­යෝ­ග­යෙන් ප්‍රශ්නය විසඳා­ගත යුතුයි

ගම්පහ වන ගහ­නය දිනෙන් දින අඩු­වෙ­නවා

ස්වාධී­නව වැඩ­ක­රන්න නිල­ධා­රීන්ට පුළු­වන්

මීග­මුව කලපු සංව­ර්ධන ව්‍යාපෘ­තියේ ඉඩම් සම්බ­න්ධ­යෙන් වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අඩවි වන නිල­ධා­රී­ව­රි­යක් ප්‍රදේ­ශ­වා­සීන්ට දැඩි විරෝ­ද­තා­ව­යක් දක­වන් වීඩියෝ පට­යක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචා­රය වෙමින් තිබෙ­නවා.    

මීග­මුව කළපු සංව­ර්ධන ව්‍යාපෘ­තියේ ප්‍රගති සමා­ලෝ­චන රැස්වීම අත­ර­තු­රදී ධීවර සහ මිරි­දිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සහ අඩිවි වන නිල­ධා­රි­නිය, ධීවර ජන­තාව අතර මෙම කතා­බහ ඇති­විය.  

මීග­මුව මුන්න­ක්ක­රය ප්‍රදේ­ශයේ කළපු සංව­ර්ධන වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වන ප්‍රදේ­ශය අසල පිහිටි ක්‍රීඩා පිටි­යක් සම්බ­න්ධ­යෙන් මෙම බහි­න්බ­ස්වීම ඇති­විය. එහිදී අමාත්‍ය සනත් නිෂාන්ත මහතා සහ ප්‍රදේ­ශ­වා­සීන් කළ­පුව අසල තිබෙන ඉඩම ක්‍රීඩා පිටි­ය­කට ලබා­දෙන ලෙස ඉල්ලා සිටිය ද ගම්පහ අඩවි වන නිල­ධාරී දීවානි ජය­ති­ලක මහ­ත්මි­ය­ගෙන් ඉල්ලා සිටි­යද එතු­මිය ප්‍රකාශ කළේ ක්‍රීඩා පිටිය ඇතුළු කළපු සංව­ර්ධන ප්‍රදේ­ශය රජයේ ඉඩම් බවත් එහි කඩො­ලාන භූමි­වල ඉදි­කි­රීම් ආරම්භ කිරීම තහ­නම් බව පෙන්වා දෙන ලදි.   

අන­ව­සර ඉදි­කි­රී­ම්ව­ලින් මෙම මීග­මුව කලපු සංව­ර්ධන ඉඩම් ප්‍රදේ­ශය සම්පූ­ර්ණ­යෙන්ම පුද්ග­ලී­ක­ර­ණය වී ඇති බව පෙන්වා­දුන් දීවානි ජය­ති­ලක මහ­ත්මිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ අන­ව­සර ප්‍රදේ­ශ­වල ජීව­ත්වන ජන­තා­වට මහල් නිවාස සංකී­ර්ණ­යක් ඉදි­කර රජයේ ඉඩම් නැවත අත්ප­ත්ක­ර­ගත යුතු බවයි. රජයේ වනා­න්තර භූමි කෙදි­න­ක­වත් ජන­තා­වට නිද­හස් කිරීමේ නීති­මය පිය­ව­රක් නොමැ­ති­බව ඒ මහ­ත්මිය ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­මේදී අව­දා­ර­ණය කළේය.  

දෙපා­ර්ශ්වයේ ඇතිවූ උණු­සුම් තත්ව­යත් සමඟ අමාත්‍ය සනත් නිෂාන්ත මහතා ප්‍රකාශ කළේ දීවර ජන­තාව සමඟ සහ­යෝ­ග­යෙන් මෙම ප්‍රශ්නය විස­දා­ගත යුතු බවයි. ඔවුන්ගේ සහ­යෝ­ගය නොමැ­තිව මීග­මුව කළපු සංව­ර්ධන වැඩ­ස­ට­හන ඉදි­රි­යට ගෙනයා නොහැකි බවත් පෙන්වා දුන්නේය.  

ගම්පහ දිස්ත්‍රි­ක්කයේ වන ගහ­නය දිනෙන් දින අඩු­වෙ­මින් පව­තින බවත් මේ වන විට අක්කර 18ක් පම­ණක් ඉති­රිව ඇති බව ගම්පහ අඩවි වන නිල­ධාරී දීවානි ජය­ති­ලක මහ­ත්මිය පෙන්වා­දු­න්නේය. ඒම ඉඩම් ප්‍රමා­ණ­යත් ජන­තා­වට ව්‍යාජ ලෙස තැනින් තැන ලබා­දෙන බව පැවසූ ඒ මහ­ත්මිය සඳ­හන් කළේ ජන­තා­වට අවශ්‍ය ලෙස තමා රාජ­කාරී කිරී­මට සූදා­නම් නැති බවත් රටේ පව­තින නීති­යට අනුව කලපු සංව­ර්ධන වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වන­වා­නම් තම පාර්ශ­වයේ සම්පූර්ණ සහ­යෝ­ගය ලබා­දෙන බව සඳ­හන් කළේය.  

පරි­සර සහ වන­ජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංව­ර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍ර­සේන මහතා ඊයේ (12) විශේෂ මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් සඳ­හන් කළේ තම අමා­ත්‍යාං­ශය යටතේ සිටින සෑම රාජ්‍ය නිල­ධා­රි­යෙ­කුට ස්වාධී­නව වැඩ­කි­රීමේ අයි­තිය ලබාදී ඇති බවත් ඕනෑම ප්‍රශ්න­ය­කදී තම නිල­ධා­රීන්ගේ වග­කීම භාර­ගන්නා බවයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »