උතුම් රාජ්‍ය සේවය සුරකිනවා

Oct 31, 2019 09.16am
feature-top
වත්මන් රජය සියයට එකසිය හතකින් (107%) රාජ්‍ය සේවක වැටුප වැඩිකළ පරිදි, තම රජය යටතේ සියලුම රාජ්‍ය සේවකයින්ට යළිත් වැටුප් වැඩිකිරීමක් සිදුකර ශක්තිමත් ජනතා සේවාවක් ඉටු කරන උතුම් රාජ්‍ය සේවය සුරැකීමට තමන් කටයුතු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රතිවාදී අපේක්ෂකයා ඇතුළු කණ්ඩායම බලයේ සිටි. පසුගිය රජය සමයේ රාජ්‍ය නිලධාරීන් දන ගස්වපු , තර්ජනය, බලපෑම් කර හිරිහැර කළ යුගයක් නැවත ඇතිවන්නට ඉඩ නොදෙන බවත්, ආත්ම තෘප්තියෙන් යුතුව ජනතා සේවාව ඉටුකරන උතුම් රාජ්‍ය සේවය රටේ ඉදිරි සංවර්ධන ගමනේ පෙරගමන්කරු බවට පත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවචිචිය නගරයේ පැවති ජන හමුවට ඊයේ(30) දින එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. “මෙරට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවය සමඟ ඉදිරි දින කිහිපය තුළදී නව එකඟතාවයකට පැමිණෙනවා. කුණු ඉවත් කළ, පාලකයන්ගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බැල මෙහෙවරකම් කළ, ඔවුන්ගේ සුරතලුන් රැකබලා ගැනීමට යොමුකළ යුගයකට අප නැවත ඉඩ දෙන්නේ නැහැ. අභිමානවත් රණවිරු පරපුරක් නිර්මාණය කරනවා. සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 7,000ක් පමණ වන පුරප්පාඩු තම රජය යටතේ සම්පූර්ණ කරනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන්ට තම ගම් ප්‍රදේශයේම සේවය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ආරක්ෂක සේවයේ නියුතු රණවිරු පරපුර, ආබාධිත රණවිරු පරපුර, විශ්‍රාමික රණවිරු පරපුර සහ ජීවිත අහිමි වූ රණවිරු පවුල් සහ ඔවුන්ගේ දරු දැරියන් ඇතුළු සියලු දෙනාගේ සුබසාධනය වෙනුවෙන් නව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

ඉදිරි දින කිහිපය තුළ ගොවි පරපුර සමඟ ජාතික ගොවි ප්‍රඥප්තියක් අත්සන් කර එය තම රජය යටතේ නීතියක් බවට පත්කර කෘෂිකර්මාන්තයෙන් අපේ රට බබලවන යුගය සජිත් ප්‍රේමදාස ආරම්භ කරනවා. මැදවච්චිය ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබාදීමට කටයුතු කරනවා. යාන් ඔය ව්‍යාපෘතියේ ඉතිරි වැඩ අවසන් කර මෙම ප්‍රදේශයේ දියුණු නව වාරි යෝජනා ක්‍රමයක් නිර්මාණය කරනවා. ඊට සමගාමීව ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කරනවා. රෙද්ද, බැනියම, සරම අඳිමින් මහ පොළවට පය ගසා ජීවත් වන ගොවි, ධීවර, කම්කරු සහ රාජ්‍ය සේවක ජනතාවගේ දුක කඳුල වේදනාව තමන් හොඳින් හඳුනනවා” යනුවෙන්ද පැවසීය.




උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »