සජිත්ගේ කාර්යාලයට පහරදී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක්

Oct 26, 2019 09.38am
feature-top
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පිහිටුවා තිබුණු වීරකැටිය අනෝදාගම පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

එම පක්ෂ කාර්යාලය නිසි අවසර ඇතිව ඉකුත් 23වැනිදා පෙරවරුවේදී පිහිටුවා ඇත. ඊට පහරදී හානි කර ඇත්තේ එදින රාත්‍රියේදීය.

පක්ෂ කාර්යාලය ඉදිරිපිට තිබුණු කොඩි කණු බිමට ඇද දමා කාර්යාලයට හානි කර ඇතැයි පොලිසිය සඳහන් කළේය. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් එම පහරදීම කර ඇති බව අනාවරණය වී ඇතත් එම යතුරු පැදියේ අංකයක් හෝ පහර දුන් අය කවුරුන් දැයි අනාවරණය වී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉකුත් 19 වැනිදා ද හුංගම දී සජිත් ප්‍රේමදාස මහතාගේ හම්බන්තොට සම්බන්ධීකරණ නිලධාරියකුගේ පියකුට සහ සහෝදරයකුට බීමත් පිරිසක් විසින් පහරදී තිබුණි. එම පහරදීමට සැකපිට එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව හුංගම පොලිසිය සඳහන් කළේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »