කඹුරුපිටිය ප්‍රා: සභා ශ්‍රීලනිප නියෝජිතයෝ සජිත්ගේ සහායට එක්වෙති

Oct 26, 2019 09.37am
feature-top
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතයන් 08 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ (25) දින කඹුරුපිටිය නගරයේ පැවැති ජනහමුවේදී අත්වැල් බැඳගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී උදිත දසුන්, බන්දුතිලක, එස්. සඳරුවන්, ශානක ජනප්‍රිය, සරත් විදානපතිරණ, ආර්. ඒ. සොමිපාල, ඒ. සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී පී. ඩී. ජිනදාස යන පිරිස සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »