සාලින්දගේ තනතුර ශාන්ත බණ්ඩාරට

Sep 14, 2019 09.50am
feature-top
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළි නම් කර තිබේ.

මේ නම් කිරීම මැතිවරණ කොමිෂන් සභාව වෙත පෙරේදා (12) ලිපියකින් යොමු කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා දිවියෙන් සමුගැනීමත් සමඟ ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

‍ඔහු ‍එලෙස ඉල්ලා අස්වූයේ මනාපවලින් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහායි. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඩී. බී. හේරත් මහතා මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීමත් සමඟ ගැටලු සහගත තත්ත්වයක් ඇති විය.

මැතිවරණ කොමිසම විසින් මෙය නිරාකරණය කිරීමෙන් පසු ශාන්ත බණ්ඩාර මහතා නැවත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මෙලෙස පත් කෙරිණ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »