මිහින්තලය රජමහා විහාරයේ සංවර්ධන වැඩ රැසක් හෙට ඇරැඹේ

Jun 29, 2019 09.48am
feature-top
සසුනට අරුණ‘ වැඩසටහන යටතේ අනුරාධපුර, මිහින්තලය රාජමහා විහාරස්ථානයේ සංවර්ධන වැඩසටහන් රැසක් හෙට (29) දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මිහින්තලය රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංඟුණවැවේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මේ සංවර්ධන වැඩසටහන් දියත් කෙරේ.

ඒ අනුව අනුබුදු මිහිඳු හිමි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම (රුපියල් ලක්ෂ 810), මිහිඳු හිමි සෑ මළුව පුළුල් කිරීම හා සංරක්ෂණය කිරීම (රුපියල් ලක්ෂ 120), මහ සෑ මළුවේ ආරක්ෂිත වැට ඉදිකිරීම (රුපියල් ලක්ෂ 60), මහ සෑ මළුවේ ප්‍රවේශ පඩිපෙළ පුළුල් කිරීම (රුපියල් ලක්ෂ 120), ධර්මශාලා ගොඩනැගිල්ලේ දෙවන අදියර ආරම්භ කිරීම (රුපියල් ලක්ෂ 1,150) සහ මහසෑය ඇතුළු ස්ථූපවල සහ ගොඩනැගිලිවල තීන්ත ආලේප කිරීම (රුපියල් ලක්ෂ 120) යන සංවර්ධන වැඩසටහන් සිදුකෙරේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »