‘රණවිරු අරුණලු’ කඩිනම් කරන්න
Jun 29, 2019 09.48am

තවමත් විදුලිය ලබා නොගෙන තිබෙන ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ ‘රණවිරු අරුණලු‘ විදුලි සත්කාරය මඟින් කඩිනමින් විදුලිය ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
ලබන අගෝස්තු මස සිට නව විදුලි සබඳතා ඉල්ලුම් කිරීමේ දී, අදාළ ඉල්ලුම්පත සමඟ සේවයේ අනන්‍යතාව තහවුරු කර, තම නව විදුලි සබඳතාව පොරොත්තු ලේඛනයෙන් බැහැරව, කිසිදු පමාවකින් තොරව ක්ෂණිකව ලබා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුක්තව සිටින පිරිස් වෙත අවස්ථාව සැලසේ. ඒ අනුව විදුලිය ඉල්ලුම් කිරීමේ දී සේවක නම, ලිපිනය, සේවා ස්ථානය, සේවා අංකය ඇතුළත්ව තමා අදාළ සේවා ස්ථානභාර නිලධාරියාගේ සහතිකයක් සමඟ ඉදිරිපත් කිරීමෙන් මේ අවස්ථාව ලබාගත හැක.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති සැමට විදුලිය ලබාදීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට සමස්තයක් වශයෙන් දිවයිනේ විදුලියනය සියයට සියයක් කරා පැමිණ තිබේ. ප්‍රධාන පද්ධතියට ළඟාවීමට අසීරු ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව, විදුලිය අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස නොසිතන පිරිස් මෙන්ම නව සබඳතා ඉල්ලුම් කරන ජනතාව හැරුණකොට මේ වන විට රටේ අනෙකුත් සියලු පිරිස් වෙත විදුලිය ලබාදීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සමත් වී තිබේ. විදුලි පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක, ලාභදායී මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීම සිය ප්රමුඛ අරමුණ කර ගත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා, රට ජාතිය වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් රට රකිනා උදාර මෙහෙවරකට උරදෙන ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක අංශ වෙත රටේ ප්‍රණාමය පුද කිරීම වෙනුවෙන් මෙසේ ‘රණවිරු අරුණලු‘ විදුලි සත්කාරය ක්‍රියාත්මක කරන බව පවසයි.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්
2019-12-12 09:38:00කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ
2019-12-12 09:37:00ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්..
2019-12-12 09:13:00ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත්‍රී කියයි…
2019-12-12 09:11:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්
2019-12-12 09:10:00පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…
2019-12-12 09:09:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com