මන්නාරම් දුම්රිය ස්ථානය අසල දී අයිස් සමඟ කාන්තාවක් හා පුද්ගලයෙක් අත්අඩංගුවට

May 22, 2019 12.06pm
feature-top
මන්නාරම දුම්රිය ස්ථානය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් හා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකාරිය සහ සැකකරු අතඅඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 23 හැවිරිදි වයසේ පසුවන්නන් බව සඳහන් වෙයි.

ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මන්නාරම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



උපුටා ගැනීම අද දෙරණ වෙබ් අඩවිය ඇසුරෙනි

More News »