අයිස් සමඟ දෙදෙනෙක් මාට්ටු

May 22, 2019 12.05pm
feature-top
මන්නාරම පොලිස් වසමේ මන්නාරම දුම්රියපොළ අසළදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  923ක් සමඟ පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊ‍යේ (21) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස 35ක් වන අතර සැකකාරිය වයස 23ක් වු අයෙකි.

දෙදෙනාම තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි අය වේ.

සැකකරුවන් අද (22) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



උපුටා ගැනීම අද දෙරණ වෙබ් අඩවිය ඇසුරෙනි

More News »