13 - ගැටුම්වලට විපක්ෂ දේශපාලනඥයෙක් සම්බන්ධයි

May 20, 2019 11.29am
feature-top
මිනුවන්ගොඩ නගරය සහ ඒ අවට ආශ්‍රිතව පසුගිය 13 වැනිදා හටගත් ගැටුම් වලට විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයකු සෘජුවම සම්බන්ධ බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. මිනුවන්ගොඩ වැසියකු නොවන එම දේශපාලනඥයා පසුගිය 09 වෙනිදා සිට එම ප්‍රදේශයේ සැරිසරමින් රැස්වීම් සංවිධාන කරමින් ගැටුමකට ජනතාව පෙළ ගස්සවා ඇතැයි විමර්ශන වලින් හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මිනුවන්ගොඩ ගැටුම් සිදුවන විට පැය තුනකට අධික කාලයක් ඔහු මිනුවන්ගොඩ රැදී සිට ඇති බවත් වෙළඳ සැල් වලට පහරදීමටද ඔහු සම්බන්ධ වී ඇති බවට තොරතුරු ත් ලැබී ඇතැයි එම නිලධාරියා කීය. මුළුමනින්ම මුහුණ වැසෙන ආකාරයට යතුරුපැදි හිස් වැසුමක් පැලඳ කළු ජැකට්ටුවක් හැඳ වෙළෙඳ සැල්වලට පහරදී ඇති ඔහු ළඟදීම අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය. ඒ සදහා මේ වන විට සාක්ෂි රැස්කරමින් සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »