රැඳවියන්ට සිය පවුලේ ඥාතීන් හමුවීමට19-20 අවස්ථාව

May 17, 2019 10.32am
feature-top
වෙසක්  උත්සව දිනයේදී බන්ධනාගාර  රැඳවියන්ට සිය පවුලේ ඥාතීන් හා හිතවතුන් හමුවීමට ලබා දෙන අවස්ථාව මෙවර වෙසක් දිනය යෙදෙන මෙම 18 දා නොව මැයි 19 සහ 20 දෙදින තුළ ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා කියයි.
 
වෙසක් පොහෝය දින පැවැත්වෙ විශේෂ වැඩසටහනක් නිසා මේ පියවර ගත් බවද ඒ මහතා කියයි.
 
මෙම දෙදින තුළ රැදවියන් බැලීමට එන අමුත්තන්ට එම රැදවියන් සඳහා ආහාර පාන හා අත්‍යවශය ද්‍රව්‍ය  රැගෙන ඒමට අවස්ථාව හිමිවේ. එහෙත් එම ආහාර හා ද්‍රව්‍ය දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බවද උපුල්දෙණිය මහතා දිනමිණට කීය.
 
රැඳවියන් සඳහා ගෙන එන ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය දැඩි පරික්ෂාවට ලක් කරන බව ද පැවැසු බන්ධනාගාර කොමසාරිස්වරයා පැවැසුවේ තහනම් ද්‍රව්‍ය ගෙන ඒමෙන්  වැලකී සිටින ලෙස තමන් පැමිණෙන අමුත්තන්ට දන්වා සිටින බවයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »