කොච්චිකඩේ ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් මිලියන 20.8ක වන්දි

May 11, 2019 09.18am
feature-top
කිතුනු ජනතාව ඉලක්ක කරමින් පසුගිය 21වැනි දා පාස්කු ඉරු දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් 30කගේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් මිලියන 20.8ක් සහ තුවාල ලබා සිටින නිසි පරිදි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති පුද්ගලයන් 03ක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් පිරිනැමීම සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලය කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව අද (11) පෙරවරු 8.30ට සංචාරක මණ්ඩලයේ පැවැත්වෙන මේ උත්සවය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. සිව‍ඥාණසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හානිපූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »