දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වනඅලියෙකු පහරදිමෙන් අයෙක් මරුට

May 09, 2019 09.44am
feature-top
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අද (09)අළුයම වනඅලියෙකු පහරදිමෙන් වෙළදසැල තුල ම එම පුද්ගලයා මියගොස් ඇත.

මෙම පුද්ගලයා දිර්ඝ කාලයක සිටි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කුඩා වෙළදසැලක් පවත්වාගෙන ගොස් තිබේ.

සුපුරුදු ලෙස පෙර දිනයෙත් වෙළදාම් නිමා වි වෙළදසැල වසා එහි නින්දට ගොස් ඇත.

අළුයම 2.30ට ශබ්දයක්  ඇසි බලන විට වෙළසැලට වනඅලියෙකු පහරදි යන අයුරු දැක ඇති බව අසල්වැසි වෙළදසැල් හිමියෙකු පවසා ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් පමණ වන පුද්ගලයෙක් වෙයි.අරලගංවිල පොලිසිය සිද්ධීය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »