ආරක්ෂාව සහතිකයි

May 08, 2019 09.05am
feature-top
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

* එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යන්න
* ආරක්ෂක ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති මහජනතාවට දැනුම් දෙති

ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිවිල් ආරක්ෂක බළකාය සහ විශේෂ කාර්ය බළකාය එක්ව ක්‍රමානුකුලව සකස් කරන ලද විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ඔස්සේ රටේත් මහජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීම පිණිස කැපවිමෙන් කටයුතු කැර ගෙන යන බැවින් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කර ගෙන යන ලෙස ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා මහජනතාවට දැනුම් දෙයි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ,නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති සහ වැඩ බලන පොලිස්පති සි .ඩි .වික්‍රමරත්න යන මහත්වරු පෙරේදා විශේෂයෙන් මහජනතාව මෙම ඉල්ලිම කරනු ලැබිණි.

ත්‍රිවිධ හමුදාවත් පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ පසුගිය 21 වැනිදා බෝම්බ පුපුරවන ලද දිනයේ සිට විශේෂයෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් සහ මෙම බෝම්බ පුපුරුවා හැරිමට කටයුතු කළ ත්‍රස්තවාදින් සොයා අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් සිදු කරගෙන යන බව පවසන ආරක්ෂක ලේකම්වරයා ඒ බව රටේ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස මෙසේ පැවසීය.

රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ රටේ ආරක්ෂක අංශයි . එම නිසා ඔවුන් ආරක්ෂාව සම්බන්ධයෙන් කැප වී සිටින මේ අවස්ථාවේ වෙනත් පුද්ගලයන්ගේ කටකතා සමාජ ජාලා වෙබ් අඩෙව් ඔස්සේ ප්‍රචාරය වෙන බොරු දේවල් ගැන නොසිතා තම තමන්ගේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ගෙන යෑමට කටයුතු කර ගන්න.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කෝට්ටගොඩ මහතා, පාසල් විවෘත කිරීම පිණිස අවශ්‍ය ආරක්ෂක විධි විධාන යොදා ඇති බවත් පෙරේදා එම පාසල් විවෘති කිරීමට නියමිතව සියලු ආරක්ෂක විධි විධාන තිබු අතර දෙමාපියන් තුළ ඇති බිය නිසා පාසල් දරුවන්ගේ පාසල් යෑමේ අඩුවක් තිබු නමුත් කිසිදු දෙයකට බිය නොවි සාමාන්‍ය පරිදි කටයුතු කරන ලෙස ද දන්වා සිටියි. මෙහිදි පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා ජනතාව වෙත පණිවුඩයක් දෙමින් කියා සිටින්නේ පසුගිය බෝම්බ පුපුරවනු ලැබු දිනයේ සිට පොලිස්යත් ත්‍රිවිධ හමුදාවත් විශේෂ කාර්ය බළකාය ප්‍රමුඛ ආරක්ෂක අංශ එකතු වී සිදු කරන ලද මෙහෙයුම්වලින් මෙම බෝම්බ පුපුරවනු ලැබු සියලු බෝම්බකරුවන් හදුනාගෙන මෙම බෝම්බ පුපුරුවා හැරීමට සහාය දුන් පිරිසත් එම ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තයන් විශාල පිරිසකුත් අත්අඩංගුවට ගෙන ඔවුන් සඟවා තිබු අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සියල්ල අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පවසයි.

ඒ අතර මොවුන්ට සිටි බෝම්බ විශේෂඥයන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවත් මොවුන්ගේ බෝම්බ පිපිරවිම්වලට සම්බන්ධ පිරිස් මෙන්ම ත්‍රස්තවාදි කටයුතුවල යෙදුන විශාල පිරිසක් සිය දිවි හානි කරගත් බවත් පවසයි.මොවුන් අනාගතයේදී පුපුරුවා හැරිමට සුදානම් කර තිබු සියලු පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගනිමින් එම සංවිධානයේ සියලු රහසිගත කටයුතු සහ ඔවුන් කරගෙන යන ලද සියලු ත්‍රස්ත ක්‍රියාවන්ද හෙළි කැර ගෙන ඇති බව පවසන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා මේවන විට එම සංවිධානයේ වත්කම් ඇතුළු සියලු තොරතුරු හෙළි දරව් කැර ගෙන ඇති බව පැවසිය.

ඒ අතර ජන ජිවිතය සාමාන්‍ය අතට පත් වියයුතු තත්ත්වයක් ඇති නිසා මේ වන විට ඇදිරි නීතියද ඉවත් කර ඇති බවත් කියයි. ඒ අතර මහජනතාව සමඟ එකතු වි පොදු ආරක්ෂක වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් කටයුතු කිරිමට සුදානම්ව සිටින බවත් පවසන පොලිස්පතිවරයා පාසල් අසල ආරක්ෂාව තහවුරු කැර ඇති බැවින් සහ රටේ සෙසු කටකතා සහ වෙනත් සමාජ ජාලා ආදිය හරහා සිදුවන කටකතා වලට නොරුවටී සාමාන්‍ය පරිදි කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියි. මෙහිදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මහජනතාව වෙත පනිවුඩයක් දෙමින් කියා සිටින්නේ රටේ ආරක්ෂාව තහවුරු කරමින් රටතුළ සිදුවන සියලු කටයුතු සඳහා ආරක්ෂාව සපයා තිබෙනවා. පසුගිය බෝම්බ පුපුරවනු ලැබු දිනයේ සිට මේ දක්වා ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගැනිම සහ ත්‍රස්තවාදියා සම්පුර්ණයෙන් තුරන් කිරීම පිණිස යුද්ධ හමුදාව දැඩි කැපවිමකින් යුතුව සෙසු ආරක්ෂක අංශ සමඟ එක්ව කටයුතු කැර ගෙන යන බවත් ඒ සදහා ක්‍රමෝපායන් යොදමින් මේ වන විට ත්‍රස්තවාදින් ගේ සියලු රහසිගත දේවල් හෙළි කැර ගනිමින් අත්අඩංගුවට ගැනිම් සිදු කරමින් විශාල දායකත්වයක් ලබා දෙන බවද පවසයි.

තවද හදිසි නිතිය යටතේ යුද්ධ හමුදාවට සියලු බලතල ලැබි ඇති බව පවසන යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතා, රටේ සියලු ස්ථානවලට මේ වන විට ආරක්ෂාව ලබා දි ඇති බවත් මෙම බෝම්බ පුපුරවා හරිමින් අහිංසක ජනාතාව ඝාතනය කළ ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට කටයුතු කරගෙන යන බවත් කියා සිටියේය.

තවද ජන ජිවිතය මේ වන විට සාමාන්‍ය අතට පත් වෙමින් පවතියි .එම නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගෙන අසත්‍ය ප්‍රචාර හමුවේ බිය නොවි සුපුරුදු ජන ජිවිතයට එළැඹෙන ලෙසත් ඉල්ලා සිටින අතර මෙම බෝම්බ පිපිරිම සිදු වී සති දෙකක් පමණ වු කෙටි කාලයක් ගත වන විට ත්‍රස්තවාදින්ගේ සියලු දේවල් හෙළි කැර ගෙන ජන ජිවිතය සාමාන්‍ය අතට පත් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කෑර ඇති බවත් පැවසිය.තිස්වසරකට අධික කාලයක් මේ රටේ පැවැති දරුණුම ත්‍රස්තවාදය සමුපුර්ණයෙන්ම විනාශ කළ යුද්ධ හමුදාව ඉදිරියටත් රටේත් මහජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බැවින් ඔවුන් පිළිබඳ විශ්වාසය තබන ලෙසත් යුද්ධ හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

මෙහිදි නාවික හමුදාපති අද්මිරාල් පියල් දි සිල්වා මහතා, මහජනතාව වෙත පණිවුඩයක් දෙමින් මේ වන විට නාවික හමුදාව රට තුළත් රටතුළට මුහුදු මාර්ග ඔස්සේ ඇති විය හැකි අභියෝගයන්ට මුහුණ දෙමින් කටයුතු කර ගෙන යන අතර විශේෂයෙන් වරායවන් වලට ඇති විය හැකි අනතුරු දායක තත්ත්වයන් සළකා බලා ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උපක්‍රමශිලි ආරක්ෂක වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවත් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් කරගෙන යන ආරක්ෂක කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බවත් කියා සිටියේ ය. ඒ අතර රට වටා මුහුදු තිරය හරහා මේ අවස්ථාවේ විවිධ ජාවාරම්කරුවන් විසින් විවිධ ආකාරයේ නීති විරෝධි කටයුතු කරගෙන යෑමට ඉඩ ඇති බැවින් කිසි සේත් එවැනි දෙයකට ඉඩ නොතබා ආරක්ෂාව සම්බන්ධයෙන් උපක්‍රමිකව වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවත් කියා සිටියේය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පවසා සිටින්නේ ,ගුවන් හමුදාව රටේ ඒකාබද්ධ ආරක්ෂක වැඩ පිළිවෙළට සහාය වෙමින් කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක පියවරක් දියත් කළ බවද කියා සිටියේය විදෙස් රටවල සිට පැමිණෙන පිරිස්වලද මෙරටින් පිටව යන පිරිසගේද ආරක්ෂාව තහවුරු කරමින් මෙරටට එන ගුවන් යානාවලද ආරක්ෂාව වෙනුවෙන්ද දැඩි ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත් මක කැර ඇති අතර අනෙකුත් හමුදාවන් සමඟ ත්‍රස්තාවදය මැඩ පැවැත්විමට කැර ගෙන යන මෙහෙයුම්වලට විශාල ගුවන් භටපිරිසක් යොදා ඇති බවත් පවසන ගුවන් හමුදාපතිවරයා මෙම ආරක්ෂක කටයුතු තහවුරු කරමින් කටයුතු කැරගෙන යන බැවින් ඒ පිළිබඳ විශ්වාසය තබා දෛනික ජිවිතය සාමාන්‍ යපරිදි කටයුතු කරගෙන යන ලෙසඳ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »