මීගමුවේ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

May 06, 2019 10.33am
feature-top
මීගමුව පොලිස් කොට්ඨාශයට පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද(06) උදෑසන 7.00ට ඉවත් කෙරිණ. මේවන විට එම ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඊයේ (05) පස්වරුවේ ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා මීගමුව පොලිස් කොට්ඨාශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.
 
ඒ අනුව මීගමුව,කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුන්ගල්පිටිය සහ කටාන යන ප්‍රදේශවලට මෙම පොලිස් ඇඳිරී නීතිය පැණවීමට පොලීසිය පියවර ගත්තේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »