කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවේ

Apr 30, 2019 11.07am
feature-top
කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙක් වන හාජා මොහොමඩ් සුල්තාන් හා ඔහුගේ සොහොයුරා කඩු හා තවත් උපකරණ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
 
රාජගිරිය, නාවල ප්‍රදේශයේ දී ඊයේ (29) ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
 
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු හා සොහොයුරු සතුව තිබී කඩු 3ක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.
 
වැලිකඩ පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »