සිසු පහරින් ගුරුවරයා රෝහලේ

Apr 04, 2019 11.19am
feature-top
කොණ්ඩය කපාගෙන පිලිවෙළකට පාසලට පැමිණෙන ලෙස අවවාද කිරිම නිසා ඉන් උරණවු දාහත් හැවිරිදි පාසල් සිසුවකු විසින් එම ගුරුවරයාට පහරදි ඇති බව පොද්දල පොලිසිය පවසයි.

පහරකැමට ලක්වු පාසල් ගුරුවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

මෙකි පහරදිම සම්බන්ධයෙන් සැකකාර පාසල් සිසුවා ඊයේ (03) පස්වරුවේ දි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා මෙවර අ.පො ස සාපෙළ විභාගයට පෙනි සිට ඇති සිසුවෙකි. පාසලේ අවුරුදු උත්සවයක් පැවති අතර එදින උදැසන සැකකාර සිසුවාද ඩෙනිම් කලිසමකින් සැරසි මෙම අවුරුදු උත්සවයට සහභාගි වි ඇත.

සැකකාර සිසුවා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »