විස මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

Apr 03, 2019 08.48am
feature-top
විස මත්ද්‍රව්‍ය මෙර­ටට ගෙන්ව­න්නන්, අළෙවි කර­න්නන් මෙන් ම ඒවා ළඟ තබා ගන්නා සහ භාවිත කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව ද ඉදි­රියේ දී දැඩි නීති-රීති ක්‍රියා­ත්මක කෙරෙන බව ජනා­ධි­ප­ති­ව­රයා පව­සයි. මත්ද්‍රව්‍ය පාල­න­යට සහ අප­රාධ අවම කිරී­මට අදාළ පනත් කෙටු­ම්පත් පිළි­බඳ ඊයේ (2) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ පැවැති සාක­ච්ඡා­වක දී ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මේ බව ප්‍රකාශ කළේය. විස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගන්නා පුද්ග­ල­යන්ට නීතිය ක්‍රියා­ත්මක කිරීමේ දී ඔවුන් සතුව පව­තින මත්ද්‍රව්‍ය ප්‍රමා­ණය ගණ­නය කිරීම ඇතුළු රස පරි­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සිදු­වන ක්‍රියා­ව­ලියේ දී සම්පත් හිඟ­වීම ඇතුළු කරුණු හේතු­වෙන් ප්‍රායෝ­ගික ප්‍රමා­ද­යන් දක්නට ලැබෙන අතර ඒ පිළි­බඳ අධ්‍ය­ය­න­යක් සිදු­කර එම ප්‍රමා­ද­යන් වළක්වා ගනි­මින් වැර­දි­ක­රු­වන්ට නීතිය ක්‍රියා­ත්මක කිරීම කඩි­නම් කිරීම සඳහා සුදුසු වැඩ­පි­ළි­වෙ­ළක් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව, රස පරි­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව සහ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව එක් කර ගනි­මින් අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ මූලි­ක­ත්ව­යෙන් කඩි­න­මින් ක්‍රියා­වට නංවන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා අධි­ක­රණ ඇමැ­තිණ තලතා අතු­කෝ­රල මහ­ත්මිය වෙත උප­දෙස් දුන්නේ ය.

එමෙන් ම මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන් පුන­රු­ත්ථා­ප­නය වෙනු­වෙන් දැනට විවිධ රාජ්‍ය ආය­තන හා පෞද්ග­ලික ආය­තන මඟින් සිදු­ක­රන වැඩ­ස­ට­හන් පිළි­බඳ ද මෙහි දී අව­ධා­නය යොමු කෙරුණු අතර එම සියලු ආය­තන සමඟ සාක­ච්ඡා­වක් කැඳවා මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන් පුන­රු­ත්ථා­ප­නය වෙනු­වන් ඒකා­බද්ධ පුළුල් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නැංවීම පිළි­බඳ ද අව­ධා­නය යොමු කෙරිණි.

සුරා­බදු ආඥා පනත සංශෝ­ධ­න­යට අදාළ කට­යු­තු­වල මේ වන විට ප්‍රග­තිය පිළි­බඳ ද මෙහි දී සමා­ලෝ­ච­නය කෙරුණු අතර අදාළ සංශෝ­ධන මුදල් අමා­ත්‍යාං­ශය මගින් කඩි­න­මින් කැබි­නට් මණ්ඩ­ල­යට යොමු කරන ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නේ ය.

එමෙන් ම විස මත්ද්‍රව්‍ය ආඥා පනතේ සංශෝ­ධන පිළි­බඳ ද සාක­ච්ඡා­වට ලක් විය.

බන්ධ­නා­ගා­ර­වල ආර­ක්ෂාව පිළි­බඳ මෙහි දී සාක­ච්ඡා­වට බඳුන් වූ අතර බූස්ස බන්ධ­නා­ගා­රයේ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳත් වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රැඳ­වි­යන් බූස්ස බන්ධ­නා­ගා­රය වෙත මාරු­කි­රීමේ වැඩ­පි­ළි­වෙ­ළට අදාළ කට­යු­තු­වල ප්‍රග­තිය පිළි­බ­ඳත් ජනා­ධි­ප­ති­ව­රයා නිල­ධා­රි­න්ගෙන් කරුණු විම­සීය.

මාර්ග අන­තුරු වළක්වා ගැනීම වෙනු­වෙන් ක්‍රියා­ත්මක වැඩ­පි­ළි­වෙළ සහ නවීන තාක්ෂණ ක්‍රම­වේ­ද­යන් සමඟ මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුවේ සිදු­ක­ර­මින් පව­තින වෙන­ස්කම් පිළි­බඳ ද සමා­ලෝ­ච­න­යට ලක් විය. අධි­ක­රණ ඇමැති තලතා අතු­කෝ­රල, ජනා­ධි­පති ලේකම් උදය ආර්. සෙනෙ­වි­රත්න, ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් සහ අදාළ ආය­තන ප්‍රධා­නින් ද, පොලි­ස්පති පූජිත ජය­සු­න්දර මහතා ඇතුළු ආර­ක්ෂක අංශ ප්‍රධා­නිහු මෙම සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »