මඟීන් 149: කාර්ය මණ්ඩලය 8යි ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටේ

Mar 11, 2019 09.25am
feature-top
ඉතියෝපියානු ගුවන් සේවයේ බොයිං 737 ගුවන්යානයක් ඊයේ (10) උදේ අනතුරට ලක්වී තිබේ.

මෙම ගුවන්යානය ගුවන් ගතවී විනාඩි අටකට පසුව කඩා වැටී ඇති බව වාර්තා වෙයි. ගුවන්යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ 149 මඟීන් සහ කාර්ය මණ්ඩලය 8ක් ගුවන් යානය තුළ සිට ඇත.

ඉතියෝපියානු අගමැතිවරයා අබියි අහමඩ් ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ගුවන් අනතුරින් විපතට පත් වූ අයගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කළේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »