2500-රාජ්‍ය සේවක දීමනාව ලබන වසරේ මූලික වැටුපට

Mar 08, 2019 09.14am
feature-top
අය-වැය: සිංහල අවුරුද්දට පෙර ලක්ෂ හයකට සමෘද්ධිය

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වනවිට මෙවර අයවැයෙන් යෝජිත තවත් සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් දෙදහස් පන්සීයේ දීමනාව ලබන වසරේ දී මූලික වැටුපට ඇතුළත් කිරීම රජයේ අරමුණ වී තිබේ. ස්වදේශ කටයුතු, පළාත් සභා, අභ්‍යන්තර කටයුතු රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී මේ තොරතුරු හෙළි කළේය. සමෘද්ධි දීමනාව නොලැබී දීර්ඝ කාලයක් දුෂ්කරතා විඳි උදවිය වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

තවද රජයේ මැදිහත්වීමෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සිදුකිරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය ඇමැති අලවතුවල මහතා කීය.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කිරීමට මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පියවර ගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැති අලවතුවල මහතා මෙවර අයවැයෙන් සෑම ක්ෂේත්‍රයක්ම සඳහා සහන ලබාදෙමින් රට සංවර්ධනය කරා ගෙනයන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන් උරුම කර තිබෙන අමෙරිකා ඩොලර් බිලියන පහයි දශම නමයක ණය මුදල් ගෙවමින් බවත් මෙහිදී සිහිපත් කළේය. මේ ණය මුදල් සම්බන්ධව සැබෑ දත්ත ඇතුළත් සංඛ්‍යා ලේඛන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙරේදා (6) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී බලවත් නොසන්සුන්තාවයට පත්වෙමින් එම ප්‍රකාශ දරාගැනීමට හා ඊට සවන් යොමුකිරීමට ඇතිවුණ අපහසුතාව නිසා මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරු වහාම සභාගැබෙන් පිටවී ගිය බවත් රාජ්‍ය ඇමැති අලවතුවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »