ලක්ෂ 38ක විදෙස් දුම්වැටි ගෙනා ශ්‍රී ලාංකිකයන් දැලේ

Mar 06, 2019 09.01am
feature-top
රුපියල් තිස්අටලක්ෂ අනුහතර දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සාජානුවර සිට මෙරටට රැගෙන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් ඊයේ (05)අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ ටොප් මවුන්ටන් වර්ගයේ විදේශීය සිගරට් 70,800 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18,40,58 වැනි වියේ පසුවු ව්‍යාපාරිකයන් තිදෙනා ඊයේ(05) අලුයම 03.30 ට පමණ සාජා නුවර සිට ජී.9501 දරණ ගුවන් යානයෙන් කටුනායකින් මෙරටට පැමිණ තිබේ.

අදාළ පුද්ගලයන් තිදෙනා කිසිවක් ප්‍රකාශ කීරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටව යමින් සිටියදී කළ පරීක්ෂාවකදී සිය ගමන් මළුවල සඟවා තිබු ටොප් මවුන්ටන් වර්ගයේ සිගරට් කාටුන් 354 රේගු නිලධාරීන් සොයා ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන කේ.එච්.පී.කුමාරසිරි , ඒ.යූ.කේ.දොඩංවෙල ,ආර්.සී.එම්.මුන්මුල්ලගේ , රේගු අධිකාරී ඒ.ශාන්තප්‍රිය , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.යූ.අයි.පෙරේරා ,එච්.පී.එම්.ඒ.ජී.පතිරණ , බී.ඒ.සී.ද සිල්වා , එච්.චරිත් , එම්.පෙරේරා , පී.එච්.ටී.එස්.හෙට්ටිආරච්චි , පී.එච්.ඩී.පී.චන්ද්‍රරත්න සහ ඩී.එම්.ටී.සී.බී.දිසානායක මහත්වරු මේ වැටලීම සිදු කළහ.

සිද්ධිය පිළිබඳ රේගු අධ්‍යක්ෂ එම් .ඒ .කරුණාරත්න මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »