ක්‍රිකට් ජයග්‍රහණය ගැන කණ්ඩායමට විශේෂ තුති
Feb 25, 2019 11.20am

හරීන් ඇමැතිවරයාටත් සුබ පතන බව අගමැති කියයි
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිණ වංචා නැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවත් ක්‍රිකට් කණ්ඩායම පසුගිය දින කීපය තුළ ලද ජයග්‍රහණය පිළිබඳ තමා සතුටු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (23) මහියංගණය දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,
මම ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ස්තූතියක් කරනවා මේ තරග දෙකක් ජයග්‍රහණය කිරීම පිළිබඳ. ලංකාව පුරාම පසුගිය දවස්වල ප්‍රසිද්ධියක් තිබුණේ අපේ ක්‍රිකට් කණ්ඩායම පරාද වෙනවා කියලයි. ඇත්ත වශයෙන්ම ඒ ගිය විදිහට ආණ්ඩුවත් වැටෙන්නත් තිබුණා. ජනාධිපතිවරයා ඉල්ලුවා මෙම ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්න පුළුවන් ඇමති කෙනෙක්. පක්ෂයක් හැටියට මම හරීන් ප්‍රනාන්දු මහතාව තෝරගත්තා. මම හරීන් ප්‍රනාන්දු මහතාට කිව්වා ක්‍රිකට් දූෂණ සුද්ධකර දමා නව මගකට ගේන්න කියා.
දේශපාලනය ක්‍රිකට් වලින් ඉවත් කරන්න ඕනා. ඒ කාලයේ දේශපාලනය ක්‍රිකට්වල තිබුණේ නෑ. ඉන්දියාවේ ක්‍රිකට් වල දේශපාලනය නෑ සෑම පක්ෂයේම අය ඉන්නවා.
අපි කුඩා කාලයේ එක වර්ෂයක ක්‍රිකට් සභාපති සමසමාජ පක්ෂ නායක එන්.එම් පෙරේරා මැතිතුමා, ඊළඟ වර්ෂයේ රොබට් සේනානායක මහතා, ගාමිණී දිසානායක මහතා හිටියා. වර්තමානයේ පක්ෂ දේශපාලනය ක්‍රිකට්වලට ඇතුල්වී තිබීම එක්සත් ජාතික පක්ෂය ලෙස අපට විශාල කනගාටුවක්.
ක්‍රීඩා මාෆියාව නවත්වන්න ජාතික සැලැස්මක් ක්‍රීඩා අමාත්‍යවරයා සකස් කරමින් සිටිනවා. එය නීතිමය ලියවිල්ලක් වනවා. කෙසේ හෝ දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ජයග්‍රහණය කිරීම පිළිබඳව මම කණ්ඩායමට සුභ පතනවා.
මම කණගාටු වුණා මම අගමැතිවරයාව ඉන්න කාලයේ මෙම ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම පිළිබඳ. දැන් මම සතුටු වෙනවා ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් තොරවීම පිළිබඳ.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්
2019-12-12 09:38:00කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ
2019-12-12 09:37:00ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්..
2019-12-12 09:13:00ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත්‍රී කියයි…
2019-12-12 09:11:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්
2019-12-12 09:10:00පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…
2019-12-12 09:09:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com