ගෝලීය වෙළෙඳපොළින් වාසි සහිතව අරමුදල්

Feb 22, 2019 10.12am
feature-top
ගෝලීය මූල්‍ය වෙළෙඳපොළින් රටට වාසිදායක අයුරින් අරමුදල් ලබාගැනීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

අමෙරිකානු වාණිජ මණ්ඩලය සංවිධානය කළ අය-වැය පිළිබඳ කතිකාවේ එක් සම්මන්ත්‍රණයක් ඊයේ (21) උදේ ගලධාරි හෝටලයේ පැවැති අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, වසර 2019 රටට විශාලතම ණය සේවාකරණය සිදුකරන්නට සිදුවී තිබෙනවා. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් අප ගෙවිය යුතුයි.

අපි රටේ දැවැන්ත යටිතල පහසුකම් ජාලයක් සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ සඳහා ඩොලර් බිලියන 03ක මුදලක් ලබා ගැනීමට සූදානම්. අපි අලුතින් ආරම්භ කළ ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ පොලී සහන වැඩපිළිවෙළ වේගවත් කරනවා. ඒ තුළින් ග්‍රාමීය අංශයේත්, නව ව්‍යවසායක අංශයේත් විශාල ඉදිරි සංවර්ධන පිම්මක් ඇති වෙනවා.

රජයේ ආදායම් වැඩිකර ගන්නා අයුරින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අප හඳුන්වාදී තිබෙනවා. තවත් ප්‍රතිසංස්කරණ සිදුකොට වඩාත් යහපත්, විනිවිදභාවයෙන් යුතු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ මේ දිනවල සාකච්ඡා කරනවා. අපට ලැබෙන්නට තිබූ ණය වාරික දිනා ගැනීම සහ ඔවුන්ගේ සහාය ලබාගැනීමට අප කටයුතු කරනවා යැයි ඇමැතිවරයා කීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »