වසර 13ක රජයේ වැඩපිළිවෙළ අධ්‍යාපනයේ විප්ලවීය පියවරක්

Feb 22, 2019 10.11am
feature-top
වත්මන් රජය හඳුන්වා දුන් 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ මෙරට අධ්‍යාපනයේ විප්ලවීය පියවරක් බවද, එමඟින් නිදහස් අධ්‍යාපනය තවදුරටත් අර්ථ ගැන්වෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම, නිදහස් අධ්‍යාපනය ලබා දීම වසර13ක් බවට පත් කර පවතින ආර්ථිකයට සුදුසු අන්දමේ රැකියා හා ආදායම් මාර්ග උදා කර ගැනීමට අවස්ථාව ලබා දීම රජයේ අපේක්ෂාව බව පවසන අගමැතිවරයා, එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට හැකිවීම ගැන ආඩම්බර වන බවද සඳහන් කරයි.

එසේම, මෙරට ඉතිහාසයේ විශාලතම ණය බර පවතින අවස්ථාවක මුදල් සොයාගෙන 13 වසරක සහතික කළ අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ආරම්භ කර පාසල් අධ්‍යාපනය සඳහා වෘත්තීය විෂයයන් හඳුන්වා දීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ජාතික වශයෙන් ආරම්භ කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (21) පැවැති උත්සවයේදී ය.

රට දියුණු කිරීමට නම් විශ්ව විද්‍යාල උපාධිධාරීන් මෙන්ම තොරතුරු තාක්ෂණය දැනුම සහිත ශ්‍රී ලාංකිකයන් අවශ්‍ය බව එහිදී පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එසේ සෑම අංශයක ම දැනුම තිබෙන්නේ නම් නිෂ්පාදනය වැඩි කර ගත හැකි බවත් පැවසීය. ඒවගේම මිල අඩුවෙනවා. තරගකාරී වෙනවා. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩපිළිවෙළ හඳුන්වා දීමෙන් සිදුකළේ මෙසේ සෑම අංශයකට ම අවශ්‍ය දැනුම උසස් පෙළ සිසු සිසුවියන්ට ලබා දීම යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම, දැනට මෙරට උපාධිධාරීන් සිටින්නේ ලක්ෂයක් පමණක් යැයි කී අගමැතිවරයා, එම සංඛ්‍යාව ලක්ෂ තුනක් බවට පත්කර ගත හැකි තවත් රුපියල් මිලියන 2000ක් 3000ක් පමණ උපයා ගැනීමට වනු ඇතැයිද, එයින් මෙරට ණය ප්‍රමාණය ගෙවා දැමීම පහසු වනු ඇතැයිද කීවේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »