අංක එකට පළාත් ඡන්දය

Feb 15, 2019 09.50am
feature-top
ඉදිරියේ දී පැමිණීමට නියමිත ඡන්දය සම්බන්ධයෙන් රටේ හඬක් නැගී තිබුණ ද මුලින්ම පැමිණය යුත්තේ පළාත් සභා ඡන්දය බව මැතිවරණ ‍කොමිසන් සභා‍වේ සභාපති මහින්ද ‍දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

එම ඡන්දය නොපවත්වන්නේ නම් එම ඡන්දය ලබාගැනීම වෙනුවෙන් සටන් කරන බව පවසන ඒ මහතා නොවැම්බර් මස 10 දා තෙක් ජනාධිපති මැතිවරණයක් පැවැත්විය නොහැකි බවද එදාට පෙර තමා ඉල්ලා අස් නොවන බවද සඳහන් කරයි.

හෙතෙම මේ බව සඳහන් ක‍ළේ ‍කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේ දී ඊ‍යේ (14) පැවැති පැෆරල් සංවිධාන‍යේ 30 වැනි සංවත්සර උ‍ළෙල අමතමිනි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය ‍හෙවත් පැෆරල් සංවිධානය සිය ‍ඵෙතිහාසික ගමන් ම‍ඟේ 30වැනි සංවත්සරය සම්පූර්ණ කරයි.

කතානායක කරූ ජයසූරිය, ඇමැති ම‍නෝ ග‍නේෂන්, පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් වන දි‍නේෂ් ගුණවර්ධන, ඩලස් අලහ‍පෙරුම, උදය ගම්මන්පිල, තාරක බාලසූරිය, එම්. තිලකරාජ්, ලංකා සම සමාජ පක්ෂ‍යේ මහ‍ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොමිසන් සභා‍වේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම, පැෆරල් සංවිධාන‍යේ මහ‍ලේකම් චාමින්ද රාජකරුණා, ලංකා සර්වෝදය ව්‍යාපාර‍යේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න, හිටපු ‍ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ‍මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »