ඥානසාර හිමිගේ සිර දඬුවම අවු පහකට අත්හිටුවයි
Feb 09, 2019 10.18am

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර පහකට අත්හිටුවන ලෙස ඊයේ (8)හෝමාගම මහාධිකරණය විසින් නියම කළේය.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් විසින් ලබා දී තිබූ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාධිකරණය සලකා බැලූ හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මේ නියෝගය ලබා දුන්නේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ එම නඩුවේ පැමිණිලිකාරියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම සාවද්‍ය ලෙස බිය ගැන්වීම යන කාරණා යටතේ නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු බවට පත් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාස හයක බරපතළ වැඩ සිහිත සිරදඬුවම් නියම වූ අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියම කෙරිණි.
මේ නඩු විභාගය විමසීමෙන් අනතුරුව ඉකුත් වසරේ ජුනි මස 14 දා නියම දඬුවම් නියම කළ අතර ඊට එරෙහිව ඉකුත් වසරේ ජූනි 19 වනදා උන්වහන්සේ විසින් අභියාචනයක් ඉදිරිපත් කළේය.
එහි තීන්දුව ඉකුත් ජනවාරි මස 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි.
මේ වන විටත් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව අභියාචනාධිකරණ තීන්දුවකට අනුව වසර හයක සිරදඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටි.
එමෙන්ම ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19 ක සිර දඬුවමක් වසර 6 කින් ගෙවී යන පරිදි පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා නියම කළේය.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com