අග­මැති පත් කරන්න ජවිපෙ සහාය නෑ

Dec 15, 2018 09.10am
feature-top
ජනතා විමුක්ති පෙර­මුණ එදා සිට අනු­ග­ම­නය කළ ප්‍රති­ප­ත්ති­යට අනුව පාර්ලි­මේ­න්තුවේ දී අග­මැ­ති­ව­ර­යකු පත් කිරීමේ ක්‍රියා­ව­ලි­යට පක්ෂ­යක් ලෙස සහාය නොදෙන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ බත්ත­ර­මුල්ල ජනතා විමුක්ති පෙර­මුණ පක්ෂ කාර්යා­ලයේ දී ඊයේ (14) පැවැති මාධ්‍ය සාක­ච්ඡා­වට සහ­භාගි වෙමිනි.

එහි දී වැඩි දුර­ටත් අද­හස් දැක් වූ ඒ මහතා,

කුම­න්ත්‍ර­ණය ඇති වූ අව­ස්ථාවේ දී එය පරා­ජය කරන බව ජනතා විමුක්ති පෙර­මුණ ලෙස පැහැ­දි­ලිව, දැඩිව, සෘජුව මුල සිටම අපි කිවුවා. එහි දී අදාළ ක්‍රියා­මාර්ග ගැනීම සඳහා අප පක්ෂ­යක් ලෙස කැප­වුණා. මේ තත්ත්වය අව­සන් වුණාම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය ඇති අය සමඟ ආණ්ඩුව පිහි­ටු­වී­මට කට­යුතු කළ යුතු වෙනවා.

ජනතා විමුක්ති පෙර­මු­ණට මේ රටේ ජන­තාව ලබා දී තිබෙන්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ධුර 06යි. එයින් ජන­තාව වෙනු­වෙන් ඉටු කළ හැකි උප­රිම දේ අපි ඉටු කර තිබෙ­නවා. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව ආණ්ඩු­වක් පිහි­ටු­වීමේ ක්‍රියා­ව­ලියේ දී ජනතා විමුක්ති පෙර­මුණ ලෙස අපි කිසි­ව­කු­ටත් සහාය දෙන්නේ නැහැ. පසු­ගිය ප්‍රාදේ­ශීය සභා, පළාත් සභා මැති­ව­ර­ණ­ව­ල­දීත් නග­රා­ධි­ප­ති­වරු, සභා­ප­ති­වරු පත් කර ගැනීමේ දී ද අපේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළේ නැහැ. එම අව­ස්ථා­ව­ලදී අපේ ඡන්දය භාවිත කළා නම් වාසි­ස­හ­ගත විය හැකි අවස්ථා තිබුණා.

ඒ ආකා­ර­ය­ටම පාර්ලි­මේ­න්තුවේ අග­මැ­ති­ව­රයා පත් කිරීමේ දී කිසි­ව­කුට අපි සහාය දෙන්නේ නැහැ. නගර සභා, ප්‍රාදේ­ශීය සභා­ව­ලදී අනු­ග­ම­නය කළ ප්‍රති­ප­ත්ති­යම අපි පාර්ලි­මේ­න්තු­වේ­දීත් ආණ්ඩු­වක් පිහි­ටු­ව­න්නත්, අග­මැ­ති­ව­ර­යකු පත් කර­න්න­ටත් පක්ෂ­යක් ලෙස අපි සහාය දෙන්නේ නැහැ. එදා සිට අනු­ග­ම­නය කළ ප්‍රති­ප­ත්තිය එය යි. වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය පළ කිරීමේ යෝජ­නා­වට අපි සහාය දුන්නේ නැහැ. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය පාර්ලි­මේ­න්තු­වට එන්නේ නැතිව ඡන්දය දෙන්නේ නැතිව සිටියා. අපි පාර්ලි­මේ­න්තු­වට ගිහින් ඡන්දය ප්‍රකාශ නොකර සිටියා. ඒ නිසා එහි කිසි වෙන­සක් නැහැ. අපි ප්‍රති­ප­ත්ති­යක් ලෙස එදා සිට අනු­ග­ම­නය කළ ප්‍රති­ප­ත්තිය තමයි පත් කිරී­ම්වල දී කිසි­ව­කු­ටත් සහාය නොදෙන ප්‍රති­ප­ත්තිය. වික්‍ර­ම­සිංහ මහ­තාට විශ්වා­ස­භංග යෝජ­නා­වේදී අපි ඡන්දය භාවිත කළා. නමුත් සහාය පළ කිරීමේ යෝජ­නා­වල දී අපි සහාය දුන්නේ නැහැ.

ජනා­ධි­ප­ති­ව­ර­යාට දැන් පැවරී තිබෙන්නේ ඉදි­රියේ දී ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව ස්ථාවර ආණ්ඩු­වක් පත් කිරීමේ වග­කී­මයි. එසේ නොමැ­තිව දිගින් දිග­ටම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කළ­හොත් තව දුර­ටත් රට අස්ථා­වර වෙනවා. රටේ භයා­නක තත්ත්ව­යක් ඇති­වීම වැළැ­ක්විය යුතුයි.

මේ තත්ත්වය තුළ ආණ්ඩු­වක් පත් වුවත් ඇත්තම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත වන්නේ නැහැ. පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ­යට කියා ඒ ආණ්ඩු­වත් පිහි­ටෙ­වුවා කියා මේ රටේ ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳෙන්නේ නැහැ. මේ රටේ ජන­තා­වගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තිය වෙනු­වෙන් ජන­තාව සඳහා නාය­ක­ත්වය දෙනවා. සැබෑ ජනතා ජය­ග්‍ර­හ­ණ­යක් වෙනු­වෙන් අපි කරන කට­යුත්ත ඉදි­රි­ය­ටත් කර ගෙන යනවා. ඒ සඳහා ජන­තාව දැනු­වත් කර­මින් දෙස­ති­යක් තුළ අත්ප­ත්‍රිකා බෙදා දෙමින් ජන­තාව දැනු­වත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් මුළු රට පුරාම ක්‍රියා­ත්මක කර­නවා. විදේ­ශීක ශ්‍රී ලාංකි­යන් ද දැනු­වත් කර­මින් සැබෑ ජය­ග්‍ර­හ­ණ­යක් වෙනු­වෙන් මඟ පෙන්වී­මට දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් ඉදි­රියේ දී සිදු කර­නවා.

හෙට කිරු­ල­පන කිරුල ක්‍රීඩාං­ග­ණයේ දී සවස 3.00 ට දැවැන්ත ජනතා රැලි­යක් පව­ත්ව­නවා. මේ කුම­න්ත්‍ර­ණය පරා­ජය කිරී­මට දායක වූ සියලු දෙනාට මේ සඳහා සහ­භාගී වෙන්න කියා ආරා­ධනා කර­නවා. සැබෑ ජය­ග්‍ර­හ­ණ­යක් වෙනු­වෙන් මින් එහාට වැඩ­ක­ට­යුතු සංවි­ධාන කර ගැනී­මට එකතු වෙන්න කියා ආරා­ධනා කර­නවා.

අත්ත­නෝ­ම­තික බල­යක් සහිත ඒකා­ධි­පති විධා­යක ජනා­ධි­පති ක්‍රමය ජනතා විමුක්ති පෙර­මුණ 1977 දී ඒකා­ධි­පති විධා­යක ක්‍රමය එන වෙලාවේ දී අපි කියූ දේවල් අද ඔප්පු වී තිබෙ­නවා. ඒ නිසා විධා­යක ක්‍රමය වහා අහෝසි කිරීම සඳහා කඩි­නම් ක්‍රියා­මාර්ග ඉදි­රියේ දී අනු­ග­ම­නය කර­නවා. දැන­ට­මත් ඒ සඳහා පනත් කෙටු­ම්ප­තක් ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඉදි­රියේ දී එය පාර්ලි­මේ­න්තුවේ දී සම්මත කර ගැනී­ම­ටත්, පසුව ජන මත විචා­ර­ණ­ය­කින් සම්මත කර ගැනී­ම­ටත් කට­යුතු කර­නවා.

පසු­ගිය කාලයේ දී සිදු වූ දේවල් පිළි­බඳ සොයා බැලී­මට පාර්ලි­මේ­න්තුවේ පන­තක් හරහා සම්මත වූ විශේෂ කොමි­ස­මක් පත් කිරී­මට කට­යුතු කර­නවා.

එහි දී මාධ්‍ය­වේ­දීන් නැඟු ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දුන් ඒ මහතා,

මේ අධි­ක­රණ තීන්දුව මඟින් එක්සත් ජාතික පක්ෂය හිත­නවා නම්, රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා මෝඩ චූන් එකක් ගන්න හද­නවා නම් එය මම හිතන්නේ බර­ප­තළ වරද්දා ගැනී­මක්.

මේ අධි­ක­රණ තීන්දුව මගින් පැහැ­දි­ලිව කිවුවේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යාගේ ජය­ග්‍ර­හ­ණ­ය­ක්වත් එක්සත් ජාතික පක්ෂයේ ජය­ග්‍ර­හ­ණ­ය­ක්වත් නොව, මෙය නීතියේ ආධි­ප­ත්‍යයේ ජය­ග්‍ර­හ­ණ­යක්. රටේ ජන­තා­වගේ ජය­ග්‍ර­හ­ණ­යක්.

මේ තීර­ණය මඟින් ඔප්පු කළේ නීතිය අනුව අපි හැමෝම වැඩ කළ යුතුයි කියලා. නීති රීති කොල කෑලි ඉරා දාලා කට­යුතු කරන්න බැහැ. පසු­ගිය අවු­රුදු 03 දීම ජන­තාව දැක්කා කට­යුතු කළ ආකා­රය. ජනතා ප්‍රති­ක්ෂේප ආණ්ඩුව කට­යුතු කළ ආකා­රය. මෙහෙම පම්පෝරි ගහලා පත් වෙන්නේ තවත් ප්‍රති­ක්ෂේප වන තත්ත්ව­ය­ටයි.

ජාතික ආණ්ඩු­වක් හැදුවේ නැත්නම් ඉදි­රියේ දී හදන ආණ්ඩුවේ අමා­ත්‍ය­ධුර සංඛ්‍යාව 30ක් විය යුතුයි. එම කොන්දේ­සිය එන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන්. එය ජය­ග්‍ර­හ­ණ­යක්.

එහි දී බල­යට පත් වන ආණ්ඩු­වට සම්මත කර ගන්න පුළු­වන් වන්නේ ජන­තා­වාදී පනත් පම­ණයි. එහි දී විප­ක්ෂයේ සහාය ගැනී­මට නම් ජන­තා­වට මිතුරු පනත් ගෙන ආ යුතුයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »