රුසියාවට යෑවීමට සූදානම් කර තිබී අත්අඩංගුවටගත් කෝටියක කසළ තේ වළදමයි

Aug 18, 2018 09.44am
feature-top
රුසියාවට යෑවීම සඳහා සූදානම් කර තිබී ජා-ඇළදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටියක්‌ පමණ වටිනා කසළ තේ කන්ටේනර් දෙකක්‌ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා හමුවේ ඊයේ (16 දා) විනාශ කරන ලදී.
 
 මෙම කසළ තේ විනාශ කිරීම කොච්චිකඩේ ඕවිටියාවත්ත කසළ අංගනයේදී සිදුකරන ලදී.
 
 එහිදී බුල්ඩෝසර් මඟින් කසළ අංගනයේ භූමිය හාරා ඒ තුළ තේ වළදැමීම සිදුකරන ලදී. විනාශ කළ කසළ තේ ප්‍රමාණය කිලෝ විසිතුන් දහස්‌ තුන්සිය පනහකි. එම තේ කිලෝ 50 බැගින් මලු 467 ක අසුරා තිබිණි.
 
 මෙම කසළ තේ විනාශ කිරීම මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා හමුවේ, මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරිය වන කාන්ති ඉඹුලාන මහත්මිය ඉදිරියේ සිදුකරන ලදී.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »