එකම පවුලේ දැරියන් තිදෙනකු කෙළෙසූ දෙදරු පියා අත්අඩංගුවට

Aug 10, 2018 10.50am
feature-top
2012 වසරේ සිට වසර හයක කාලයක්‌ තිස්‌සේ එකම පවුලක සහෝදරියන් වූ බාලවයස්‌කාර පාසල් සිසුවියන් තිදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයකු පෙරේදා (08 දා) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.
 
 අත්අඩංගුවට ගත් සැකකරු කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පස්‌දරු පියකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
 
 මෙම සැකකරුගේ දරුවන් පස්‌දෙනා ද ගැහැනු දරුවන් බව පවසයි.
 
 119 හදිසි ඇමතුම් ඒකකයට සහ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලිවලට අමතරව ඇතිමලේ පොලිසිය විසින් දීර්ඝ ලෙස විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ප්‍රකාශවලට අනුව මෙම දූෂණ මාලාව සිදුවීම ආරම්භ වන්නේ 2012 වසරේ සිටය.
 
 2012 සිට 2018 අප්‍රේල් අතර කාලය තුළදී මෙම දැරියන් තිදෙනාගෙන් වැඩිමහල් දියණියව මුලින්ම සැකකරු විසින් දූෂණයට ලක්‌කර ඇත. එවකට එම දැරියගේ වයස අවුරුදු 10 කි.
 
 ඉන් අනතුරුව 2012 සිට 2017 දක්‌වා කාලය තුළදී වයස අවුරුදු 14 මාස 08 වයසැති දෙවැනි දැරිය දූෂණය කර ඇත. ඉන්පසුව සැකකරු විසින් අවසාන වතාවට 2018 ජුලි මාසයේදී දින තුනකදී වයස අවුරුදු 9 ක්‌ වන බාලවයස්‌කාර දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇත.
 
 පොලිසියට ලද තොරතුරුවලට අනුව වින්දිත දැරියන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවා විමර්ශන සිදුකළ ද එවැනි කිසිවක්‌ සිදු වී නොමැති බව දෙමාපියන් ප්‍රකාශ කළ ද දැරියන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය විසින් සියල්ල අනාවරණය කරගෙන ඇත.
 
 මෙම සැකකරු යම් මට්‌ටමක ආර්ථික ශක්‌තියක්‌ ඇති පුද්ගලයකු වන අතර වින්දිත දැරියන්ගේ පවුලේ අගහිඟතාවෙන් සැකකරු උපරිම ප්‍රයෝජන ගෙන ඇත්තේ ඔහුට හිමි ට්‍රැක්‌ටරයෙන් ඉඩම් සීසා දීමට ගොස්‌ය. අපයෝජනයට ලක්‌ වූ වැඩිමහල් දියණියට ට්‍රැක්‌ටරයෙන් රියෑදුරු පුහුණුව ලබාදීමට මෙම සැකකරු කටයුතු කර ඇත.
 
 අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09 දා) සියඹලාණ්‌ඩුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
 
 මොනරාගල පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ මත ඇතිමලේ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිලන්ත බුලත්සිංහල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »