සැමියාගේ ඝාතනයට සැකකාරියවූ බිරිය උසාවි ගොස්‌ එද්දී ඝාතනය කෙරේ

Aug 08, 2018 10.22am
feature-top
ඊයේ (7 දා) පස්‌වරුවේ කොළඹ-නුවර මාර්ගයේ ගෝනහේන හන්දියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකු වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස්‌ ඇත.
 
 මෙසේ මියගොස්‌ ඇත්තේ කඩවත රම්මුතුගල පදිංචිව සිටි දෙදරු මවක්‌ වන චමිලා කුමාරි නමැති 34 හැවිරිදි කාන්තාවකි.
 
 ඇගේ සැමියා වන කඩවත රම්මුතුගල පදිංචිව සිටි අජිත් පුෂ්පකුමාර නොහොත් මැන්ඩිස්‌ යන අය මරා දැමීමේ ප්‍රධාන සැකකාරිය ලෙස විභාග වන නඩුවකට සහභාගී වීම සඳහා මහර අධිකරණයට පෙනී සිට ආපසු එමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බැව් කඩවත පොලිසිය පවසයි.
 
 වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගොස්‌ ඇත. තුවක්‌කුකරුවන් පැමිණි යතුරුපැදිය කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අල්ලා ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.
 
 කඩවත ප්‍ර.පො.ප. විජය බණ්‌ඩාර, අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. රාජපක්‍ෂ, පො.සැ. (32921) රංජිත්, පො.කො. (79614) අසේල, පො.කො. (10673) සම්පත් යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »