කතකට නිරුවත පෙන්වූ 32 හැවිරිදි පුද්ගලයා පුද්ගලයා රිමාන්ඩ්

Aug 07, 2018 10.54am
feature-top
මුදල් ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු කාන්තාවට සරම උස්‌සා නිරුවත පෙන්වා අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු (32) හැවිරිදි අයකු මෙම මස 15 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්‌ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා 04වැනිදා නියෝග කළේය.

මෙහි සැකකරු වූයේ මොරොන්තුඩුව කලපුගම පදිංචි කේ. ඩාරිස්‌ පද්මකුමාර නමැත්තෙකි.

මොරොන්තුඩුව පොලිසියේ කොස්‌තාපල් 36911 වීරසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙය විය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »