බසයේ සිටි රූමත් කාන්තාවන්ගේ 'ඕනේනැති තැන්' වීඩියෝ කළ මගියා රිමාන්ඩ්

Aug 01, 2018 10.08am
feature-top
අකුරැස්‌ස සිට තවලම බලා ධාවනය වූ බස්‌ රථයක සිටි රූමත් කාන්තාවන් දෙදෙනකුගේ මුහුණ හා කලවා ප්‍රදේශ ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පුද්ගලයකු අල්ලා අකුරැස්‌ස පොලිසියට භාරදීමෙන් අනතුරුව මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
 
 සැකකාර තරුණයා කාන්තාවන් දෙදෙනාගේ විරෝධතාව නොතකා වීඩියෝ කිරීම නිසා ඔවුන් ඒ බැව් බස්‌ රථයේ සිටි මගීන්ට ඒ බැව් දන්වා තිබේ. ඔවුන් සැකකරු අල්ලා පහරදී ජංගම දුරකථනය සමඟ පොලිසියට භාරදී ඇත.
 
 සැකකාර තරුණයා දෙණියාය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
 
 අකුරැස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපතිගේ උපදෙස්‌ පරිදි කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. රූපා මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »