බහු විවාහයක්‌ කරගත් ආබාධිත සෙබළාට වැඩ වරදි

Aug 01, 2018 09.51am
feature-top
බහු විවාහයක්‌ කර ගැනීම සහ පළමු විවාහය සැඟවීම යන චෝදනාවට වරදකරු වූ ආබාධිත සෙබළකුට කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා දඩ සහ සිරදඬුවම් නියම කළ අතර පැමිණිලිකාරියට රුපියල් පනස්‌දාහක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද නියම කළේය.
 
 මෙසේ දඬුවම් නියම වූයේ රුවන්වැල්ලේ පදිංචිකරුවකුවූ මල්හත්තාගේ නුවන් දර්ශන කුමාර නම්වූ අයටය.
 
 පානදුර ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කර ඇති පැමිණිලිකාරියට ආබාධිත සෙබළා මුණගැසී ඇත්තේ පානදුර නරගයේදීය. ඔහු ගැන අනුකම්පාවෙන් ආදරය කර ඇති ඇය පසුව විදේශ රැකියාවකට ගොස්‌ එහිදී ඉපැයූ මුදල්ද තම පෙම්වතාට එවා තිබේ.
 
 යළි ඇය මෙරටට පැමිණි පසු දෙදෙනා විවාහවී ඇති අතර එම විවාහයෙන් ඔවුනට දියණියක්‌ ලැබී ඇත. එම දියණිය ඉපදුනු දිනයේම මියගොස්‌ තිබේ.
 
 දියණිය මියගිය පසු මෙම ආබාධිත සෙබළා අතුරුදන්වී තිබේ. පසුව පැමිණිලිකාරිය ඔහුගේ දුරකථන අංකයට කතා කළ විට පිළිතුරුදී ඇත්තේ කාන්තාවකි. තමා ඔහුගේ විවාහක බරිඳ බවත් දරුවන් දෙදෙනකු සිටින බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
 
 ඇය මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන්පසුවය.
 
 අදාළ චෝදනාවට වරද පිළිගත් ඔහුට එක්‌ චෝදනාවකට රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩ නියම කළ අතර එක්‌ චෝදනාවකට මාස 6 බැගින් වනසේ සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් වසර පහකට අත්හිටුවීය.
 
 කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස්‌ මත කළුතර කොට්‌ඨාස විශේෂ වංචා විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. පී.ආර්. විඡේකෝන්, සැරයන් (18236) ලංකාතිලක සහ කාන්තා සැරයන් (1358) නාලිකා යන මහත්ම මහත්මීහු පරීක්‍ෂණ පවත්වති


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »