තමා පැහැරගෙන කෝටිපති පියාගෙන් කෝටියක කප්පමක්‌ ඉල්ලන්න; 'ගුරු' පෙම්වතාට තම ජංගම දුරකථනයත් දීලා!!!

Jul 07, 2018 10.43am
feature-top
බාල වයස්‌කාරියක පැහැරගෙන කප්පම් ඉල්ලූ ගුරුවරයාට ඇප
ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්‌කාර (අවු. 15 මාස 10) ශිෂ්‍යාවක්‌ පැහැරගෙන ගොස්‌ එම ශිෂ්‍යාවගේ කෝටිපති පියාගෙන් රුපියල් කෝටියක කප්පමක්‌ ඉල්ලූ බව කියන තරුණ ක්‍රීඩා උපදේශකවරයා දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළාය.

ඇප නියමවූ සැකකරු වූයේ මීගමුව කාමච්චෝඩය විස්‌ක්‍රින් ඇවිනිව්හි පදිංචි ජිµaරි මොහොමඩ් අෂ්රොµa (25) නමැත්තෙකි. ඔහු ජාත්‍යන්තර පාසලක ක්‍රීඩා උපදේශකයෙකි.

මෙම පැහැර ගැනීමට ලක්‌වූ බව කියන ශිෂ්‍යාව සමග මෙහි සැකකරු දැඩි ප්‍රේම සබඳතාවයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති අතර පැහැර ගැනීමේ සිද්ධියට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ එම ශිෂ්‍යාව බවත් කප්පම් ඉල්ලීම සඳහා ඇය තම ජංගම දුරකථනය තම පෙම්වතාට ලබාදී උපදෙස්‌ ලබාදී ඇති බවටත් නඩු විභාගයේදී ආවරණය වූ කරුණු මත ක්‍රීඩා උපදේශකවරයාට ඇප නියම විය. මීගමුව පොලිසියේ පො.කො. (53883) එච්.එම්.ඩබ්ලිව්. එන්. බණ්‌ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »