විහාරාධිපතිට වෙඩි තැබුවේ කපුවෙක් ?

Jun 14, 2018 11.06am
feature-top
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික ‍රෝහලකට ගුවන් මගින් රැගෙන ආ අයුරු. ඡායාරූපය-සූරියවැව සමූහ

විජයානි එදිරිසිංහ, කතරගම සංචාරක කේ.ඩී. දේවප්‍රිය හම්බන්ෙතාට දිස්ත්‍රික් සමූහ

කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපු මහතකු වන කලුගහවත්ත ගාමිණීපුර බෝපේ ගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර වන බව හඳුනාගෙන ඇත.

මේ වනවිට මොහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

මෙම සිද්ධිය 12දා රාත්‍රී 10.50ට පමණ සිදුවී ඇති අතර සැකකරුවන් තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ජීප් රථයකින් පලාගොස් ඇත.

සැකකරුවන් පැමිනි හොන්ඩා වෙසල් වර්ගයේ ජීප්රථය පොලිසිය විසින් සොයාගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමක් හම්බන්තොට රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹට ගෙනවිත් තිබේ.

මේ වෙඩි තැබිම සිදුවන අවස්ථාවේදී කොබවක ධම්මින්ද හිමියන් උඩ මලුෙවි සිට ආගමික වතාවත් සිදුකර ආපසු පැමිණෙමින් සිටියදී කිරිවෙහෙර ප්‍රධාන පිවිසුම් දොරටුව අසළ රැදී සිට වෙඩි තබා ඇත. මෙම වෙඩි තැබීම නිසා කොබොවක ධම්මින්ද හිමිගේ පාදය සහ දකුණු ඉන ප්‍රදේශයට තුවාල සිදුවී තිබු අතර කිරිවෙහෙර විහාර වාසි හිමි නමක් වන වීදාගම සෝභිත හිමියන්ගේ පාදයටද සුළු තුවාල සිදු වී ඇත. කොබොවක ධම්මින්ද හිමි ප‍්‍රතිකාර සදහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර ශල්‍යය කර්ම්‍යයකට 13 පෙරවරුවේ භාජනය කොට දැඩිස්තකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර පසුව කොළඹ රෝහලක් වෙත ගුවන් මගින් ගෙන එන ලදී.

මේ වන විට කතරගම පොලීසිය විශේෂ සොදිසි මෙහෙයුම් හාපොලිස් නිළ සුනඛයින් යොදා ගෙන විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සිදුකළ පරික්ෂණ වලින් සැකරුවන් රැුගෙන ආ පතොරම් 2 ද වෙඩි තැබීම සුදුකළ ස්ථානය අවට තිබී සොයා ගත් අතර එක් සැකකරුවෙකු හදුනාගෙන තිබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »